ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 March, 2013

කසාදයක් බැදලා නම්, බදින්න ඉන්නේ නම් මේකත් කරන්න හිතා ගන්න....

මාසෙක විතර කාලයක් එක එක හේතු නිසා කාර්ය බහුල උන නිසා ඉතින් මේ පැත්ත පාලත බලන්න බැරි උනා උනත් සමහර එක එක බ්ලොග් ලෝකේ වන දේවල් අහන්න දකින්න නම් ලැබුනා..... ඒවා ඉතින් අනිත් හැමෝම දන්නා කියන කතා නිසා ඒවා වැඩක් නැ ඉතින්...

මේ දවස් වල ඉතින් අපේ හිටපු කලමනාකර තුමා වෙනත් බ්‍රාන්ච් එකකට  මාරු වීමක්  අරගෙන  ගිය නිසා පහු ගිය දවස් ටිකේම  එක එක අයගෙන් එක එක විදිහේ සමු ගැනීමේ සාද.... ඒ අතරේ කතා උණු දෙයක් ගැන කතා කරන්න හිතුනා......

කස්ටමර් : දේවක  මහත්තයා  මොකද හිතන්නේ  කසාද  බැදලා  ඉන්න ඕනේ  අම්මලා එක්කද නැත්නම් වෙනමද?

මම : තව ඉතින් ඒවාට ගොඩක් කල් තියන නිසා  ඒ ගැන නම් හිතල නැනේ..

 ඔය ප්‍රශ්නේ ගැන කතාව  ගොඩක් දුරට ගියා...

කසාද බැදපු අලුත  කපල් එකක් තනිව උන්නත්  දෙන්නා එක්කෙනා වෙලා පස්සේ දෙන්නා තුන්දෙනා වෙන කාලෙට අනිවාර්යෙන්ම  කාගේ හරි අම්මලා තාත්තලා ලග ඉන්න එක තමයි ගොඩක් වැදගත් දෙයක්ලු...

සාමන්යෙන් පවුලකට එක ළමයෙක් ඉන්න කොට ඒ ළමයට හැම වෙලේම දෙමාව්පියන් ආදරේ කරනවා ඒ අයට තනිකමක් දැනෙන්න දෙන්නේ නැතුව බලා ගන්නවා...  ඔය ළමයට අවුරුදු දෙක තුනක් හතරක් උනහම ඉතින් අම්මලා තාත්තලා තවත් ළමයෙක් ගැන හිතන්න පටන් ගන්නවා.. ඊට පස්සේ ඉතින් තවත් ළමයෙක් පවුලට එකතු උනහම අම්මලා තාත්තලා නොදැනුවත්වම අර අලුත උපන් බබාට ආදරේ වැඩියෙන් කරනවා ඒ ය එක්ක ඉන්න අවස්ථව කලින් ඉපදුනු ළමයට වඩා වැඩිවෙන්න ගන්න නිසා  කලින් ඉපදුනු ළමයා ට තනි කමක් දැනෙන එක අනිවාර්යෙන්ම වෙන දෙයක්..

එකේ ප්‍රතිපලයක් විදිහට අර අලුත ඉපදුනු එහෙමත් නැත්නම් ලාබාල තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය එක්ක හිතේ තරහකින් තමයි වැඩිමහල් ළමයා ජිවත් වෙන්නේ., එයා ඉපදුන නිසා තමා අම්මලා මට ආදරේ නැත්තේ කියන හැගීම අනිවාර්යෙන්ම ඒ ළමයට දැනෙන නිසා

ගොඩක්පවුල් වල කිරි අම්මලා අත්තලා   ගොඩක් ආදරේ  පවුලේ වැඩිමහල්  දරුවන්ට ඒ වගේම වැඩි පුර වැඩිමහල් දරුවෝ ආදරේ කරන්නෙත් කිරි අම්මට අත්තට , මොකද අම්මලා තාත්තලාගේ ආදරේ අඩු වෙන කොට ඒ අය  නිරායාසයෙන්ම ඒ අයට ලංන් වෙන නිසා.....
එහෙම ලං උනහම ඒ අයගේ හිතේ අර කලින් දැනුන  තමන්ගේ සහෝදරයා හෝ සහෝදැරිය ගැන තරහක් වයිරයක් දැනෙන හැගීම්  ඇතිවෙන්නෙම නැති තරම්...

ඒ හින්දා ඉතින් කසාදයක් බැදලා ළමයි දෙතුන් දෙනෙක් හදනවනම් (නොහදා බැනේ දැන්.... සිංහල ය දැන් ළමයි 12ක් වත් හදන්න ඔනලුනේ )  තමන්ගේ අම්මලා තාත්තලාවත්  ලගට ගන්න 

....................................................................................................................


 පරණ සින්දුවක් සෙට් උනා.... අහලා තියනවද දන්නේ නැ කට්ටිය

චන්ගුමි කියපන් නුබෙ නොම්බරෙ..
ජින්සෙන් කමුද නොදා බර බරේ..
මාලිගාවෙ කවුද ඉන්නෙ ජර මරේ..
මින්ග් ජුන්ග් හූ නෙද ඉන්නෙ කාමරේ..

ජම්බෝලෙ වගෙ ඉන්න යොන්සෙනා..
සම්බෝලෙ කොටල ගමුද රජතුමා..
ඡන්ගුමිගෙ මාමා ඇවිත් මහ කුනා..
නොන එක්ක රන්ඩු වෙන්නෙ රැ පුරා..

ඔරවල බලුවාමයි හැඩ වැඩ යොන් රොගෙ..
චෝයි නේද  මරා ගත්තෙ අන්තිමෙ..
ඕගියුම් හූ නෙද අනෙ කරදරෙ..
ගීමියුන්ට නෙද අනෙ කෙල උනෙ.. //


63 comments:

  1. සිංදුව නම් ඇහුවේ අද.හ්ම් ලොකු එකාට ආදරේ අඩුයි කියලා දැනේනවා.එකයි තරහා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. එකනේ.... ලොකු තනි නොවෙන්න එයාට ආදරේ කරන්න.... එහෙම අමාරු නම් විකල්පය මම කිව එකම තමා....

      Delete
  2. හි හි.. ඔය කතාව ලොකුවට එන්නේ අම්මයි තාත්තයි දෙන්නම රස්සවාලට යනවා නම්.. මොකද ආච්චිලා සීයලා ගාව තියලා යන්න ලේසියි නේ.. හි හි

    මගේ අත්දැකීම නම් ආච්චිලා සීයලා ළඟ ඉන්නකොට ඇත්තටම ළමයින්ට වෙනස්කමක් දැනෙන බව... මොකද කට්ටියක් ආදරෙයි එකෙක්ට මගේ කොල්ලා කියලා.. කටිටියක් මගේ ලොකු එකා කියලා... සමහරු පළවෙනියට ඉපදෙන ළමයට ආදරෙයි දෙවනියට නැතුව... ආච්චිලා සීයලා හදාගන්නවා එක එක ඒවා... පුතාගේ ළමයා නම් ඒ ආච්චිලා ආදරෙයි මුණුපුරන්ට... නම ගෙනියන එකා කියලා... දුවගේ ළමයා නම් ඒ ආච්චිලා ආදරෙයි මිණිපිරියන්ට... හි හි.. ( ‌මේ ඉතිං මං දැකලා තියෙන ඒවා විතරයි හරිද.. හි හි)

    ඕක ගොඩක් වෙලාවට වෙන දෙයක්... ලොකු එකාට අවුරුදු 4ක් විතර වෙද්දි දෙවනි එකා ඉපදුනාම විනාසයි.. ඇයි ඉතිං ලොක්කා ඉන්නේ හොඳම ඳඟ වයසේ.. පස්සෙන්ම දුවන්න ඕනේ... පොඩ්ඩා දිහා ඇහැ ගහගෙනම ඉන්නෝනේ.. අම්මලගේ හොඳ පණ යනවා ඔහොම උනාම.. එතකොට ඉතිං තාත්තගේ අතේ තමයි වැඩේ බැලන්ස් කරගන්න එක තියෙන්නේ... මොකද අම්මලට ස්ට්‍රේස් එක වැඩි උනාම ලොක්කට කෑ ගහන්න එහෙම පටන් ගන්නවා... කියන දේ අහන්නේ නෑ කියලා.. ඒක අඩු වෙන්න තාත්තගෙන් පොඩි හරි සපෝට් එකක් තියෙනවා නම් ඒ ස්ට්‍රෙස් ගතිය අඩු වෙනවා.. හැබැයි ඉතිං ගෙදර ආපු වෙලාවේ ඉඳලා කකුල් දෙක උඩ තියන් ටීවී බලන හරි, කම්පියුටරේ එල්ලිලා ඉන්න හරි හස්බන්ඩ්ලා නම් මේක තේරුම් ගන්නේ නෑ...

    අනිත් එක එකෙක්ගේ පාටියක් ගන්නවා නම් අනිත් එකාටත් පොඩි හරි තෑග්ගක් ගෙනියන්න ඕනේ යන අය.. නැත්තම් පොඩ්ඩට විතරක් තෑගි ගේනකොට ලොක්කට අප්සට් වෙනවා... මම නම් අවුරදු 14ක් විතර වෙච්ච උන්ට උනත් අනිවා චොක්ලට් එකක්, පොඩි ගානක තෑග්ගක් හරි අරන් යනවා...

    තව දෙයක් මම අත්දැකලා තියෙන විදියට කොච්චර ලොකු ළමයි උනත් සෙල්ලම් බඩු වලට ආසයි... අවුරදු15 16 උනත්... ඒක නිසා ලොකු වෙනකොට සෙල්ලම් බඩු අරන් දෙන එක නවත්තන එක මම නම් දකින්නේ හරිම අපරාදයක් කියලා...

    ළමයි ගැන කොච්චර දේවල් කියන්න තියෙනවද... හප්පෝ... හි හි

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකට එන්න ඕන විදිහටම අක්කා කමෙන්ට් කරලනේ.... මේ දේවල් ඇත්ත නෙමේ කියලා නම් කොහොමවත් බැහැර කරන්න බැ..... මම ආච්චිලා සීයලා හදා ගන්න ඕනේ කියලා කිවේ නම් නැ.. මොකද මොනවා උනත් ළමයි ඉන්න ඕනේ අම්මලා තාත්තලා ලග.... එත් අම්මලා තැත්තලාට තව පොඩි බබෙක් ඉන්නවනම් ඒ ළමයා වෙනුවෙන් වැඩි කාලයක් කැප කරන්න වෙන නිසා ඒ කාලේ ඒ ළමයට ආදරේ කරන්න ආච්චි සීයාට පුලිවනි නම් අනිවර්යේනම් අර වගේ හිතේ තරහකින් බාල සහෝ දිහා බලන එක අඩු වෙනවා...

      මොනවා උනත් අම්මා තාත්තා පුළුවන් තරම් ලමින්ට ආදරෙන් ඉන්න එක නම් අනිවාර්යෙන් කරන්නම වෙනවා....

      එක කාටවත් බාර නොදී දෙන්නම කරන්න වෙන දෙයක් නිසා එකතු වෙලා කරන එක වැදගත්...

      පොඩි ලොකු කියලා ඉතින් බේදයක් නැ ලොකු කෙනෙක් උනත් තමන්ට මොනවා හරි ලැබෙනවානම් ආසයිනේ...

      Delete
    2. @ හිරු..මේකිගෙ...වැඩ බලන්නකො........ලම්යි ඉන්න අපිටවත් බෑ මෙහෙම ලියන්න.සම්පූර්ණ ඇත්ත බං.

      //හැබැයි ඉතිං ගෙදර ආපු වෙලාවේ ඉඳලා කකුල් දෙක උඩ තියන් ටීවී බලන හරි, කම්පියුටරේ එල්ලිලා ඉන්න හරි හස්බන්ඩ්ලා නම් මේක තේරුම් ගන්නේ නෑ... //
      බොරු ඉතරක් කියන්න එපා..මමත් ඔහොම තමා...ඒත් තේරුම් අරන් ඉන්නෙ අරි.

      Delete
    3. //හැබැයි ඉතිං ගෙදර ආපු වෙලාවේ ඉඳලා කකුල් දෙක උඩ තියන් ටීවී බලන හරි, කම්පියුටරේ එල්ලිලා ඉන්න හරි හස්බන්ඩ්ලා නම් මේක තේරුම් ගන්නේ නෑ... //

      @හිරූ දවස තිස්සෙම කයිය ගහන පජාත දියණිය, ගොන් දෙපැය වගේ බලන අම්මලටත් එක්කම කිව්වනම් හොඳයිනේ.

      Delete
    4. වීපොකුරෙ වීයා : එහෙම තමාලු.... එයා ඒවා ගැන එක්ස්පෙරිමන්ට් කරලා හොයා ගෙන තියෙන්නේ... අය්යලා වගේ ඔය කකුල් උද තියාගෙන ලැප් එකම බදා ගෙන ඉන්නේ නෑලු...

      Delete
    5. Anonymous : ඇනෝ හරි ඇනෝ.......... මාත් බැලුවේ මොනවද අඩු කියලා......

      Delete
  3. මම නම් ඉපදුන දවසේ ඉදලා හිටියේ තාත්තලාගේ මහගෙදර. වැඩුමල් කෙනාට වැඩිපුර ආදරේ කතාව නම් බොරුවක්. මොකද අපේ ආච්චි වයස් ගත නිසාම දැනට එයාගේ ළමයින්ව වත් අදුනගන්න බැරි තත්වෙක ඉන්නේ. ඒත් කාව අදුනන්නේ නැති උනත් එයා අපේ මල්ලිගේ නම කිව්වම දන්නවා. එයා තමයි ආච්චිගේ මුනුපුරු මිනිපිරියෝ සෙට් එකෙන්ම බාලයා.

    ReplyDelete
    Replies
    1. මේකනම් ඉතින් රෙපා ගේ අවාසනාවද කොහෙද?
      ගොඩක් වෙලාවට ඉතින් එක එහෙම වෙනවනේ......

      Delete
  4. හ්ම්ම් ,, හ්ම්ම්,, සළකලා බලන්ට බැරියෑ ඉස්සරහට... සිංදුව ෆස්ට...

    ReplyDelete
    Replies
    1. අමතක වෙයි වගේ නම් බුක් මාර්ක් එකක් දා ගත්තට අපි තරහ වෙන්නේ නම් නෑලු.....

      Delete
  5. මේ ටොපික් එක සෑහෙන්න බොන තැනක කතාකරන්න ඕන ටොපික් එකක් හැබැයි විස්තරේ දැනගන්න එකාට නොබී ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඕවට කියන්නේ අත්දැකීම් කියලා........ කතාව සහතික ඇත්ත.... පැය 6ක් විතර ඇදුන බිමක්... නමුත් ඉතින් මම නොබොන නිසා ඕව ඔක්කොම අහගෙන උන්නා...........

      තව කියවුන ඒවා ඉස්සරහර පොස්ට් විදිහට ඒවි.....

      Delete
    2. ඒක හරි බ්ලොගක් ලියනවනම් බොන යාලුවො ටිකක් සෙට් කර ගන්න ඕන

      Delete
    3. මට නම් එක තෙරිලා තිබෙ.‍ හැබැයි බොන්න බැ.

      Delete
  6. එකිනෙකා අතර අවබෝධය සහ කැපවීම කොයිතරම් ඉහල මට්ටමකින් පවත්වාගෙන යාහකිද කියන එක මත තමයි දෙමවුපියන් එක්ක එකට ජීවත්වීමේ වැදගත්කම රඳා පවතින්නේ. හැබැයි දෙමවුපියන් එක්ක ඉඳීමෙන් වාසි වැඩියි. නමුත් දෙමවුපියන් සහ විවාහක යුවල අතර කැපවීම සහ අවබෝධය නැත්නම් වෙනම විසීම හොඳයි. හැබැයි තමන්ගේ ළමයිනුත් කවදාහරි ඒ දේම කරනවා.

    අර බල්ලෝ බත්කන්නේ නැති හඩු ජරා සින්දු කෑල්ල නැතුව (නොදකින් සින්දු ද ඒවා?)කොච්චර ලස්සන ගීත තියනවද මේ වගේ ලිපියකට ගැලපෙන.

    ReplyDelete
    Replies
    1. අංක එකටත් ඉවසීම, දෙකටත් ඉවසීම තුනටත් ඉවසීම පුරුදු කරගන්න පුලුවන්නම් ඉතින් ඔය ප්‍රශ්න විසදා ගන්න පුළුවන් වෙයි නේද?


      සින්දුවනම් ගැලපෙන්න කියලා දැම්මේ නැ.. නිකමට ටෙක්ස්ට් එකකින් ආව නිසා දැම්මේ....

      Delete
    2. “එකිනෙකා අතර අවබෝධය සහ කැපවීම කොයිතරම් ඉහල මට්ටමකින් පවත්වාගෙන යාහකිද කියන එක මත තමයි දෙමවුපියන් එක්ක එකට ජීවත්වීමේ වැදගත්කම රඳා පවතින්නේ. හැබැයි දෙමවුපියන් එක්ක ඉඳීමෙන් වාසි වැඩියි. නමුත් දෙමවුපියන් සහ විවාහක යුවල අතර කැපවීම සහ අවබෝධය නැත්නම් වෙනම විසීම හොඳයි. “

      සම්පූර්ණයෙන් එකඟයි .....

      “හැබැයි තමන්ගේ ළමයිනුත් කවදාහරි ඒ දේම කරනවා. “

      එහෙම වෙනවනං හොඳයි. දෙන්නට දෙන්නා ගැන තේරුම් ගන්න පුලුවන් ඒ වගේම තනියෙන් ප්‍රශ්න වලට මූණ දෙන්න පුරුදු වෙනවා.


      Delete
  7. කියල තියෙන කතාව හරි බං අපිටත් දැන් තේරිලා තියෙන්නෙ.

    අර සිංදුව වගේ එක මරු බං..!

    ReplyDelete
    Replies
    1. අපිට මේ කාලෙම තේරුණ දේ හරි වටිනවා නේද :පි

      Delete
  8. බෑන්ද කියල වෙනම ජිවත් වෙන්ට ඔනි කියලම නිතියක් නෑහෑ..අනික කොහොම උනත් අම්මලට දරුවොත් දරුවොගේ දරුවොත් බරක් නෑහෑ..සමජයේ ආකල්ප තමයි ඒ..මගේ අම්ම තවමත් අක්කගේ ලමයි දෙන්නවම බලගන්නව..කිසිම විශේශයක් නෑ හෑ..

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ එහෙම ඉන්න ඕන කියලා තමයි.. එහෙම නොවුනහම තමයි ළමයි තනිවෙන්න තියන ඉඩ කඩ වැඩි.....

      Delete
  9. පවුල් උපදේශනයත් නරකම නැහැ :D

    ReplyDelete
    Replies
    1. එත් ඒ වගේ දේවල් වලට මට අත්දැකීම් නම් නැ සහෝ........

      Delete
  10. දැන් ඕවා ගැන අපිට කියන්න උඹ බැඳලද....?

    ReplyDelete
    Replies
    1. තාම නම් බැදලා නැ අයියන්ඩි. එකනේ කිවේ බදින්න ඉන්න අයත් හිතට ගන්න කියලා.. අපි තාම පොඩි උන්

      Delete
    2. @මාතලන්, මේකා තාම පොඩි එකා. බැන්ඳ දවසක අදහස් වෙනස් වෙයි මම අද කිව්වා කියලා හිතා ගනිං මාතලං අයියෙ .......

      Delete
  11. පවුලක මැද ඉන්න අයට තමයි අදරේ අඩුවෙන්නේ. ඒ ගැන හොඳට ලියලා තියෙනවා කරුනාසේන ජයලත් මහතාගේ "යහළු යෙහෙළි" නව කතාවේ.

    ReplyDelete
    Replies
    1. කියවලා නම් නැ අයියාන්ඩ්......... හොයා ගෙන කියවන්නම්.... නෙට් එකේ හොයාගන්න බැලුවා තිබුනේ නැනේ....

      Delete
  12. කෝකටත් අම්මලා තාත්තල එක්කම ඉන්න තමයි පුන්චි කාලේ ඉඳන්ම මට ඕනි වෙලා තිබුනේ..

    ReplyDelete
    Replies
    1. පවුලේ එකම දැරුවද ඉතින්

      Delete
  13. කොහොමත් අම්මලා තාත්තල එක්කම ඉන්න තමයි පුන්චි කාලේ ඉඳන්ම මට ඕනි වෙලා තිබුනේ

    ReplyDelete
  14. මං ඉතින් පවුලෙ බාලයා ලු...!!! පවුලෙ ඉන්න එකම කෙල්ලත් මම නිසා ඉතින් මට කොහොමත් ආදරේලු...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් ඔව් ඔයාට ඉතින් හැමෝම ආදරෙයිනේ..... ඔයා ලකී...

      Delete
  15. මට නම් ටිකක් වෙනස් විදිහට හිතෙන්නේ.දෙමාපියන්ට වයස්ගත උනාම කරන්න දරුවන්ගේ වැඩ නැත්නම් හරියට කරකවලා අත අරිය වාගේ නන්නත්තාර වෙනවා.එතකොට ලෙඩ රෝග ඉස්මතු වෙනවා. නැත්නම් බෝතලයට හුරු වෙනවා. මට මේ අප්‍රේල් වලට අවුරුදු 66 ක් වෙනවා. ඉස්සර මාසයක් වැඩ කරලා ( ලොක්කාගෙන් බැනුම් අහල, ටාගට් වලට පන කඩාගෙන දුවල, කණ්ඩායමේ අනෙක් අයෙගේ ඉරිසියාවට ලක්වෙලා) ලැබුණු වැටුපෙන් 90% ගෙදරටම වෙලා (කිසිදු මහන්සියකින් තොරව) ලැබෙන කොට ජිවිතේ නැවතිලා වාගෙ. පොඩි ඒකිගේ (මිනිබිරි) වැඩ වලට යෙදෙන වෙලාවේ තමයි උනන්දුවක් (ගතියක්) ඇතිවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා වගේ... 55 න් පස්සේ ගෙදරනේ... පිස්සු වගේ හිටියේ... පොඩි ඔපරේෂන් එකකුත් කරන්න උනා.. ඒකෙන් තවත් වැටුනා.. අනිත් එක මානසිකවත් වැටුනා අර ඉස්සර තිබ්බ “මම තමයි හම්බකරගෙන දරු පවුල බලා ගන්නේ ” කියන ආධිපත්‍යමය හැඟීම නැති උන නිසා... අතරමං උනා වගේ තමයි.. හොඳ වෙලාවට වද දිදී ඉන්න බලු රාළයි මලයයි ඉන්න නිසා හොඳයි... හි හි... දැන් දැං හොඳ වෙලාවට වටේම තියෙන සමිති සමාගම් වල වැඩ තියෙනවා.. ඒක නිසා දැන් නම් එයාව අල්ලන එක ජනාධිපතිව අල්ලනවට වඩා අමාරුයි... හි හි... මේක අම්මලට වඩා තාත්තලට බලපානවා කියලා මට හිතෙනවා..

      හැබැයි ඉතිං තාමත් කියන්නේ උඹලගේ ළමයි උඹලා හදාගනිල්ලා කියලා තමයි ඉස්සර වගේම...( හැබැයි මට ඒ තරම් ඒ ගැන ෂුවර් එකක් නම් නෑ ... එහෙම කියන්නේ බොරුවට කියලා හිතෙනවා... හි හි)

      Delete
    2. හිරු උත්තර දිලානේ ඉතින් සහෝ...........

      Delete
    3. @wmk, ආර්ථිකේ අතින් ශක්තිමත් නං ඔය කතාව හරි, ලංකාවේ ආර්ථිකේ හැටියට හැට හය නෙමේ හැත්තෑ හය උනත් දැන් ආදායමක් නැතුව ජීවත් වෙන්න අමාරුයි .........

      Delete
  16. මෙයාගෙ බොරුද කොහෙද :p
    අපේ අම්මයි තාත්තයි නම් අයියටයි මටයි දෙන්නටම එක වගේම ආදරෙයි.
    ඇත්තටම දෙමව්පියන්ගෙ ආදරේ වෙනසක් වෙන්නෙ නෑ. අවදානය තමයි අඩු උනොත් අඩු වෙන්නෙ. ඒ පොඩි එකා වෙනුවෙන් වෙහෙසෙන්න වෙන හින්ද. එහෙම නොවෙන්න වගබලාගත්ත නම් අහවරයිනෙ

    ReplyDelete
    Replies
    1. අවධානය අඩු උනහමත් ඉතින් ඉතින් නොසලකා හැරීමක් වගේනේ.. හ්ම්ම් එහෙම නොවෙනවානම් ඉතින් ගොඩක් හොදයි.......

      Delete
    2. “ඇත්තටම දෙමව්පියන්ගෙ ආදරේ වෙනසක් වෙන්නෙ නෑ.“

      සීයයට සියයක් එකඟයි ......

      “අවදානය තමයි අඩු උනොත් අඩු වෙන්නෙ.“

      අවදානය අඩු වෙන එක නං නවත්තන්න මම හිතන්නෙ නැහැ මේ ලෝකේ කිසිම ජගතෙක් ඉඳියි කියලා ......

      Delete
  17. දැං ඉඳලම ෆැමිලි ප්ලෑනිං.. හොඳා හොඳා.....

    ReplyDelete
    Replies
    1. අපෝ......... එහෙම දෙයක් නම් නැ ඉතින්....

      Delete
  18. මටත් දැන්ම ඔය ගැන හිතන්න දෙයක් නැහැ දේවා අයියා.අනික මට නම් කොහොමත් එක මාර්ගයයි තියෙන්නේ ඔය සම්බන්ධව!

    අර සින්දුව නම් නියමයි කවුද හදලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. දැන්ම නොහිතුවට හිතන්න දවසක් එනවනේ........ ඉතින් ඒ නිසා ඒ දවස් වලට හිතන්න ඉඩ තියා ගමුකො......

      මම නම් නෙමේ කියලා විතරයි ඒ ගැන නම් දන්නේ මම

      Delete
  19. බැන්දට පස්සේ සලකා බලන්න ඕනේ.. =D

    ReplyDelete
    Replies
    1. කවදා වගේ වේවිද ඉතින්............

      Delete
  20. බැඳලාම බලන්න ඔනේ :)

    ReplyDelete
    Replies
    1. බැදලා විතරක් මදි එකෙක් දෙන්නෙක් හදා ගන්නත් ඕනා........

      Delete
  21. අපේ කෙමෙස්ට්‍රි සෑර් නම් කියන්නෙ බඳින්න ඕනි වයස අවුරුදු 40 කියල :D
    ඉතින් තව අවුරුදු 20ක්ම ට්ට තියනවා :D

    ReplyDelete
  22. යාන්තම් සිංදුවෙ නම් වලින් දෙකක් විතර දන්නවා. තවත් දෙයක්. දෙවෙනි ළමය හදනකොට පළවෙනියට පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුලුවන් වෙන මට්ටමට ආවට පස්ස් හදන්න කියන එක තමා මගේ මතේ. අපේ ගෙවල් ගාව අක්ක කෙනෙක්ගෙ පොඩි එවුන් දෙන්නගෙ වයස් පරතරේ අවු. 1 1/2 යි. ලොකු එකා පොඩි එකාට නොදෙන වදයක් නෑ. හැමතිස්ස්සෙම ඇහ ගහගෙන හිටියෙ නැත්තම් රතු වෙන්න කොනිත්තපු පැච් තියනවලු

    ReplyDelete
  23. තාම ඕවා ගැන අත්දැකීම් නැති නිසා වැඩි දෙයක් නම් කියන්න තේරෙන්නේ නෑ.... ඒත් මට නම් හිතෙනවා බැදපු අළුත තනියම ඉන්න තියෙනවා නම් හොදයි කියල. අනේ මන්ද ඉතිං ඒක එක එක්කෙනාගේ කැමැත්ත....

    දෙමව්පියෝ දරුවෝ කොච්චර හිටියත් ඒ හැම කෙනාටම එක වගේ ආදරේ කරනවනේ. ඉතිං ඔය දෙවැනි දරුවා ලැබුනම, පලවෙනි දරුවට වැඩිපුර අවදානය දෙන්න ඕනි කියලයි මට හිතෙන්නේ. එයාට වැඩියෙන් ආදරේ පෙන්නන්න ඕනි. එයා ගැන හොයා බලනවා කියල එයාට දැනෙන්න දෙන්න ඕනි. එතකොට අවුලක් වෙන්නේ නෑ මට හිතෙන විදියට.

    ReplyDelete
    Replies
    1. @සමනලී, “ඒත් මට නම් හිතෙනවා බැදපු අළුත තනියම ඉන්න තියෙනවා නම් හොදයි කියල“

      හොඳ තෝරා ගැනීමක් .....

      “තිං ඔය දෙවැනි දරුවා ලැබුනම, පලවෙනි දරුවට වැඩිපුර අවදානය දෙන්න ඕනි කියලයි මට හිතෙන්නේ. එයාට වැඩියෙන් ආදරේ පෙන්නන්න ඕනි. එයා ගැන හොයා බලනවා කියල එයාට දැනෙන්න දෙන්න ඕනි. එතකොට අවුලක් වෙන්නේ නෑ මට හිතෙන විදියට. “

      ප්‍රායෝගික නැත ..... උදාහරණ ඇත්නම් පෙන්වන්න ......

      Delete
  24. මට නම් තාම තේරුමක් නෑ ඔය ගැන. තාම චූටියිනේ ;)

    ReplyDelete
    Replies
    1. චුටි අයට තමා හොදට තේරෙන්නේ.........

      Delete
  25. ඒ මතයට මම එකඟ නෑ දේව්.

    ReplyDelete
  26. Dude:

    ඒ මතයට මම එකඟ නෑ දේව්. :)

    ReplyDelete
  27. මොකද්ද බං ඒ සින්දුව! එල ඈ~!!!

    ReplyDelete
  28. පෝස්ටුව තියාගත්තා යතා කාලයේදි බලන්න,, සිංදුව නම් නියමයි.. හික්

    ReplyDelete
  29. “එකේ ප්‍රතිපලයක් විදිහට අර අලුත ඉපදුනු එහෙමත් නැත්නම් ලාබාල තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය එක්ක හිතේ තරහකින් තමයි වැඩිමහල් ළමයා ජිවත් වෙන්නේ“

    අවදානය මිස ආදරය අඩු වීමක් සිදු නොවන නිසා තත්වය මෙතරම් බරපතල් නොවේ. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි .... වගකීමෙන් තොරව කටයුතු කලහොත් මෙසේ විය හැක .....

    “ගොඩක්පවුල් වල කිරි අම්මලා අත්තලා ගොඩක් ආදරේ පවුලේ වැඩිමහල් දරුවන්ට ඒ වගේම වැඩි පුර වැඩිමහල් දරුවෝ ආදරේ කරන්නෙත් කිරි අම්මට අත්තට , මොකද අම්මලා තාත්තලාගේ ආදරේ අඩු වෙන කොට ඒ අය නිරායාසයෙන්ම ඒ අයට ලංන් වෙන නිසා.....
    එහෙම ලං උනහම ඒ අයගේ හිතේ අර කලින් දැනුන තමන්ගේ සහෝදරයා හෝ සහෝදැරිය ගැන තරහක් වයිරයක් දැනෙන හැගීම් ඇතිවෙන්නෙම නැති තරම්...“

    එවිට,

    දරුවා මවත් පියාත් සමඟ හදවතින් ඇතිවන ලෙන්ගතු කම අඩු වීමට ඇති ඉඩ කඩ ඉතා වැඩි වන නිසා දරුවා මවට හෝ පියාට අවශ්‍ය පරිදි හසුරුවා ගත නොහැක. මවගේ හෝ පියාගේ ආදරය ලොව කිසිවෙකුගෙන් ලබා ගතද නොහැක. මව, පියා දරුවා අතර ඇති වචනයෙන් ප්‍රකාශ කල නොහැකි ඒ සංවේදී බැඳීමේ වටිනාකම මිල කල කිරීමටද නොහැක.


    විවාහයෙන් පසු යුද්ධය හෙවත් නැන්දම්මා ලේලී ගැටුම.....


    ReplyDelete
  30. මලයා මම බ්ලොග්වල මේ දවස්වල කමෙන්ට් නොකලට ෆෝන් එකෙන් හරි කියවනවා. මේ පෝස්ට් එක දැක්කාම කොච්චර උනත් කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දුන්නෙ නැහැ .... සුබ අලුත් අවුරුද්දක් වේවා .....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....