ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

06 September, 2011

ඕවටත් ආදරේ කරපල්ලා.... ජිවිතේ පාඩම් 1

ඔන්න මගේ ලිපි 100ක් එක්කම ඉදපු සියවෙනි ලිපිය කමෙන්ට් 100කින් එහාට ගෙනිහින් මට ශක්තියක් උනු ඔයාලා හැමෝටම ගොඩාක් පින්...

කල්හාර අය්යාගේ කමෙන්ට් එකට උත්තර දෙන ගමන් මම කිවා 100 පොස්ට් එකේ ඉදන් පොඩ්ඩක් ටොපික් වලට කඩලා පොස්ට් දාන්න හිතාන ඉන්නවා කියලා...

ටෙක් පොස්ට් විතරක්ම දාන්නේත් නැතුව... ඒවත් එක්ක.. හිතන්න දෙයක්, කරපු අහපු පිස්සුවක්, වැඩක් වෙයි කියලා හිතෙන ඒවත් එක්ක ඔයාලා හැමොටම මාත් එක්ක ඉන්න කියලා මම ගොඩාක් ආසාවෙන් ඉල්ලනවා....

අද ඉතින් මට මතක් උන ජිවිතේට මම පාඩමක් ඉගන ගත්තු දෙයක් ගැන....

දේවා ගස් වැල් වලට ගොඩාක් ආදරේ කරන කෙනෙක්.. එහෙම වෙන්න හේතුව තමයි අද මම කියන්න යන්නේ....

මේක වෙනකොට මම උන්නේ 9 වසරේ... මුලින් ගියපු පාසලේ 11 වසර වෙනකන් විතරක් තිබුන නිසා 9 වසරේ කොල්ලෝ සෙට් එකටත් පොඩි තැනක් තිබුනා... ස්කොලේ පැත්තකට වෙන්න තිබුනා කෙසෙල් කො‍ටුවක්.. ඕක ඉතින් සාත්තු කරලා හදපු එකක් නම් නෙමේ... ඒත් ඉතින් ඕකේ මාසෙකට එක හමාරකට අනිවාර්යෙන්ම කෙසෙල් කැනක් දෙකක් නම් හැදෙනවා මයි... එහෙම උනා කියලා ඕකේ ඒවා කාටවත් විකුනගෙන කන්න නම් නැ... එත් ඕකට 10,11 පන්ති වල ලමයි තමයි වැඩියෙන් ඕවා කන්නේ... කොහොම හරි ඉතින් දවසක් කාටවත් නොපෙනෙන විදිහට හැදුනු කෙසෙල් කැනක් අපේ පන්තියේ සෙට් එකට අහු වුනා

මේවා කැවා කියලා මුකුත් නොකිවට 10 , 11 පන්තිවල සෙට් වලට හොරෙන් මේක කන එක තමයි ලොකුම වැඩේ... කොහොම උනත් මේක පන්තියේ කට්ටිය හොරෙන්ම පන්තියට අරගෙන ගිහින් කබඩ් එකක හැන්ගුවා...

පන්තියට ආපු සර් කෙනෙකුට ඕක මිටර්  නොවුනාම නෙමේ.. කෙසෙල් සුවදක් එන්නේ මොකද එකක් පැන්නුවද උබලා කියලා ඇහුවත් ඒක ගැන ඉතින් වැඩිය අහන්න ගිය නැ.. අපේ හොදට....

කොහොම හරි අපි ඉතින් ඔය කෙසෙල් කන කැවා කියමුකෝ...

හැබැයි ඉතින් අර ගිම්හානි අක්කලා වගේ අපි කට්ටිය විතරක් තනියම හොරෙන් කැවේ නම් නැ... කට්ටියටම දිලා තමයි කැවේ...

කාලා ඉති අපේ කට්ටිය ඉන්ටවල් එකේ අර කෙසෙල් කො‍ටුව පැත්තේ අයේම රවුමක් දැම්මා.... ඔය ලග පාතමයි අපේ කැන්ටින් එක තියෙන්නේත්

රවුමක් දාන ගමන් අර අපි කෙසෙක් කෙන කපපු කෙසෙල් ගහ ඉතින් දැන් වැඩක් නැනේ.. ඔකට කට්ටිය අල්ලගෙන නෙලන්න පටන් ගත්තා.... එක්කෙනෙක් දෙන්නෙක් කලින් ඕක කලත් පස්සේ සෙට් එකම ඕක ආතල් එකක් කරගෙන ඔහේ ගහනවා.. ගහ එහෙට වැනෙනවා අනිත් පැත්තේ ආයේ අනිත් පැත්තට ගහනවා..

ඕක ඉතින් අර එදා ක්ලාස් එකේදි  අපෙන් කෙසෙල් ගැන අහපු සර් ට වැඩේ මට්‍ටු...

ජිවිතේ සමහර තැන් වල නටපු පිස්සු වලට මම බැනුම් අහලා ඇති .... ඒත් මගේ හිතට දැනුනු ජිවිතේ පාඩමක් ඉගන ගත්තු තාමත් ඇහෙනවා ඇහෙනවා වගේ කතාවකින් මම ජිවිතේ ගස් වැල් වලට ආදරේ කරන්න්න ඉගන ගත්තේ එතනින්

තාමත් ඇහෙනවා මට මේ වචන ටික

"මොනවද මේ උබලා කරන්නේ... ඊයේ උබලා මේක හැදුනු කෙසෙල් කනා කපා ගෙන කැවා නේද?? අද ඒකට ඔහොම තලන්නේ,... උබලා හරියට උබලව හදලා වඩලා සමාජෙට දැම්මට පස්සේ අම්මලා තත්තලාව මරලා දානවා වගේ වැඩක් නේ මේ කරන්නේ.... ඔවටත් ආදරේ කරන්න පුරුදු වෙයල්ලා... ඕවා හින්දා තමයි අපි ජිවත් වෙන්නේ"

ප.ලි : මේක මෙහෙම විතරක් කියලා නිකන් උන්නේ නැ..ඊලග පිරියඩ් එකත් සර් ට තිබුන නිසා ඒකෙන් භාගයක් විතරම ඒ කෙසෙල් ගහට වැදගෙන ඉන්න උනා

ප.ප.ලි : ඒත් අන්තිමේ පාසලෙන් 11 වසරේ අස් වෙලා වෙන පාසලකටා යන්න උනත් එදා මෙදා තුර පාසලේ ගස් වැල් වලින් වෑඩි හරියක් හිටවලා තියෙන්නේ අපේ පන්තියේ උන් ටික තමයි.....

41 comments:

  1. ඔන්න මම ඉස්සරලම අවා ..

    ReplyDelete
  2. ඒ කතාවෙත් හිතන්න දෙයක් තියනවා, කොහොම උනත් ගස් වැල් වලට ආදරේ කරන එක නම් ගොඩක් හොඳයි .....

    ReplyDelete
  3. සර්ගේ කතාව සහතික ඇත්ත. මේක හරියට උදේ ඉදලා වතුර ඇදපු කළය හවස බිඳලා දැම්මා වගේ. මුලු පීරියඩ් එකම ගහට වැඳගෙන ඉන්න දෙන්න තිබ්බේ.

    සර්ට බය උන පාර කොහොමද කියලා කියනවනම් තාමත් ගස් වලට ආදරෙයි !!!!! හික්ස් :) අන්න එහෙම තමයි ඉන්න ඕනේ.

    ReplyDelete
  4. සර්ගේ කතාව හරියටම හරි.. ගහට වැදගෙන හිටපු එකෙන් අඩුතරමේ ඒ කරපු වැරැද්ද ගැන දේවා පස්සේ කාලෙක ගස් වැල් වලට ආදරේ කරන්න පටන් ගත්ත එක ගොඩක් වටිනවා.. මේ අපි හැමෝටම ලොකු ආදර්ශයක්...

    ReplyDelete
  5. අප්පා මගේ කෙසෙල් කතාව නොදන්න කෙනෙක් නෑ නෙව. හික්ස්..
    මොනාට හරි පබ්ලිසිටි දෙන්න ඕනනම් මම මීටපස්සේ පංසල් හංදියේ තමයි දාන්නේ.

    ReplyDelete
  6. නියම කතාව මචන්.. ඔන්න ඔය වගේ ලිපි ලියපන්.. ෆට්ට. මමත් පොඩි කාලෙ කෙහෙල් ගස් වලට පුදුම වදයක් දුන්නෙ. දැන් තමයි තේරෙන්නේ ඒක හරි නෑ කියලා. මොනවා වුනත් අපේ හිතේ කරුණාව තියෙන්න ඕනා!

    ReplyDelete
  7. ආදර්ශමත් කතාවක්

    ReplyDelete
  8. අනිවා අපේ ලග කරුණාව තියෙන්න ඕන මචන් , ඒක හැමදේටම වටිනවා :)

    ඒක නෙවෙයි ගිම්හානි අක්කගේ කෙසෙල් කතාව හෙන ජනප්‍රියයි නේ..හිකිස්‌

    ReplyDelete
  9. සර් කරලා තියෙන්නේ බොහොම හොඳ වැඩක්...අපරාදේ අවුවේ දණ ගස්සල ඕන කෙසෙල් ගහට වන්දන්න තිබුනේ......හික්ස්.....

    හ්ම්..ගස් වැල් සත්තු මිනිස්සු අපි හැමෝම එකම පරිසරයේ එකට ජිවත් වෙන අය......ඒ පරිසරයට ආදරේ කරන්න බැරි කෙනාට කිසි කෙනෙක්ට ආදරේ කරන්න බෑ....අඩු ගානේ තමන්ටවත්.....

    ReplyDelete
  10. හ්ම්....ඇත්ත ගස් වැල් නැත්නම් අපි මොනවා කරන්නද?බඩ ගින්නෙ මැරෙන්න තමා වෙන්නෙ.අම්මට තාත්තාට ආදරේ කරනවා වගේ ගස් වලටත් ආදරය කරන එක හොදයි.

    ReplyDelete
  11. මම තුනේ පන්තියේ ඉගනගන්න කාලයේ බීඩියක් බොද්දි අපේ තාත්තගේ අතටම අහුවුනා.මට ලැබුන දඩුවම වුනේ අපේ ගෙදර බල්ලාගේ වලිගයට වැඳගෙන පැයක් විතර ඉන්න වුන එකයි.ඒ දඩුවම නිසාද දන්නේ නැහැ මම අදටත් දුම් පානය කරන්නේ නැහැ.ඒවගේම බල්ලන්ටත් මම කැමතියි.එත් ඉතින් මම මත්පැන් ටිකක් නම් බොනවා අපේ තාත්තා ජීවතුන් අතර ඉන්න කාලයේදී අපේ තාත්තට අහුවුනේ නැති නිසා වෙන්න ඇති මම තාමත් බොනවා ඇත්තේ.එත් මම බොන්නේ සතියකට වරක් පමණයි.

    ReplyDelete
  12. සන්ජය සිතුවිලි: අන්න එහෙමනේ ඉන්න ඕනේ... හැමදාමත් එන්න,

    ReplyDelete
  13. පන්සල් හන්දිය: ඇත්තටම අය්යේ.... ඒක මගේ ජිවිතේට මාරම වෙනසක් කලා...

    ReplyDelete
  14. මධුරංග අය්යා : අනේ අය්යා අපි පව්නේ,... අනිත් එක ඉතින් කොල්ලෝ ඔක්කොම ඒකෙන් හැදුනනේ..

    ReplyDelete
  15. දිනේෂ් : ඒකනේ කියන්නේ..... ඉගන ගන්න පාඩම් තමා ජිවිතේ හැමදාටම මතක

    ReplyDelete
  16. ගිම්හානි : ඔන්න ඒ වැඩේ හරියන්නේත් නැහැලු අක්කෝ... කල්හාර අය්යා ඇඩ්වර්ටිස්මන්ට් වලට ගානක් ගන්න්නලු ඉන්නේ

    ReplyDelete
  17. විසිතුරු : ඇත්තටම යාලුවා... ඒවා නිසා තමයි අපි ජිවත් වෙන්නේ

    ReplyDelete
  18. වෙනි : ස්තුතියි අය්යේ

    ReplyDelete
  19. චම්මා : ඇත්තටම .... ඒකනේ කියන්නේ... මාරම පබ්ලිසිටියක් එකට තියෙන්නේ

    ReplyDelete
  20. අපේ මලයත් ඔය අසරණ කෙසෙල් ගස් වලට තඩි බෑවා කාලයක් කරාටේ පන්ති ගිහින් ඇවිත්

    ReplyDelete
  21. සිතිවිලි නිහඩයි : අනේ ඉතින් ඔන්න ඔයා අපි ගැන නොහිතා කතාවක් කිවා.. අපි ඉතින් ඒ දවස්වල පොඩි ලමයිනේ.. දැන් ඕවා තේරෙනවා ගොඩාක්..

    ReplyDelete
  22. නිසුපා :ඇත්ත අක්කේ.. ජිවිතේ ජිවත් වෙන්න මොනදේ තිබුනත් වැඩක් නැ කන්න බොන්න නැත්නම්...

    ReplyDelete
  23. ඒ සර් කියල තියෙන කතාව නම් සම්පුර්ණ ඇත්ත....

    ReplyDelete
  24. මගේ ජීවිතේ මගේ හදවතින් මට උගන්නපු පාඩමක් මේක. අඩුම තරමෙ මම මේ පොළවට කෙළ ගහනවාට වත් කැමති නෑ. පුංචිම කාලෙ ඉඳන්ම අම්මලාටත් පුදුමයි මම මේ ගහ කොළට මහ පොළවට සතා සිවුපාවාට තියන බැඳීම. මට නම් දැනෙන්නෙ ඒ හැමදේම මගේ ජීවිතේ කියලා. ඔයාලාට ඒ පාඩම කියලා දීපු ගුරුවරයා දෙවි කෙනෙක්. ඒ වගේ මිනිස්සු තමයි මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ.

    ReplyDelete
  25. ඇනෝ : ඇත්තටම පුලුවන්නම් ඉතින් ඒ සතියට එකපාරක් කරන එකත් නවත්වන්නකෝ

    ReplyDelete
  26. bindi : වෙලාවට අක්කට තඩි නොබා කෙසෙල් ගහකට ඒක කලේ....

    ReplyDelete
  27. StArry aNgeL : මාත් ඉතින් ඒක පිලිගන්නවා

    ReplyDelete
  28. අපිනම් ඔයවගේ වැඩ කරන්නෙම නෑනෙ :D හරීම පරිසර හිතකාමී :D

    ReplyDelete
  29. ගස් වල් කියන්නෙත් අපේ ජිවෙතේ කොටසක්....(සර් ට මල් තියල වදින්න ඕන)

    ReplyDelete
  30. හංසි : ඇත්තටම නංගියෝ... ඒ පාඩම් තාමත් ජිවිතේ වගේ මගේ

    ReplyDelete
  31. සසින්ද්‍ර : සිරාවටම......................... අනේ හොදයි...

    ReplyDelete
  32. රතු මුහුද : ඔව් යාලුවා.. ජිවිතේ වටිනම කොටසක් තමා ගස් වැල් කියන්නේ

    ReplyDelete
  33. ඉහත ඇනෝ වෙමි.සතියට වරක් පානය කරන්නේ සැර අඩු, නිවසේදීම නිපදවාගත් පොල් ගසේ අතුරු පලයකි.ගස් සහ මා සම්බන්ද තවත් කතාවක් කියමි.මා කුඩා කාලයේදී අපේ නිවස අසල ඇති පලබර කොස් ගසේ පොතු ගැලවුවෙමි.මා මෙය කලේ තක්කඩි කමට මිස අන් කිසිදු හේතුවක් අරබයා නොවේ.එදිනද මා තාත්තාට අසුවිය.ඔහු එදා මට දුන් දඩුවම වුවේ ගොම මැටි මිශ්‍රණයක් අනා කොස්ගසේ පොතු ගැලවූ තැන්වල තවරා රෙදි පටි වලින් වෙලීමය.මෙය සිදුවී අඩු වශයෙන් වසර 25 වත් ගතවී ඇත.පියා මියගොස් වසර 18 පමණ වේ.නමුත් මට මේ සිදුවීම කිසිදින අමතක නොවේ.මගේ පියා කෘෂිකර්ම උපදේශක වරයෙක් ලෙස රජයේ බීජ ගොවිපලක සේවය කල අයෙකි.ඔහු දරුවන්ට සේම ගස්වැල් වලටද ආදරය කළේය.මගේ පියා මියගිය විට ඔහු විසින්ම සිටුවා රැකබලාගත් අඹ ගසක් පාමුල මිහිදන් කළෙමු.

    ReplyDelete
  34. කව්ද කැපුවේ මගේ ආනමාලු කැන,පැහිල තිබුනේ ඉහල ඇවරි දෙකම..........හික්ස් :D ..ඉස්කෝලේ යනකොට වෙච්ච සිද්දි මතක් කර කර මුලු ජීවිත කාලෙම උනත් හිනා වෙන්න පුලුවන් සහෝ..

    ReplyDelete
  35. ටිකක් පහු උනා එන්න , අපේ ජීවිතේ අතිත කතා කොයි තරම් රසවත්ව මතුවෙනවද කියල හිතෙනවා මේ කතා කියවත්දි ,

    ReplyDelete
  36. ඇනෝ: ඇත්තටම මම නම් සැර අඩු කොහොම උනත් මත් වෙන දේවල් නම් අනුමත කරන්නේ.. ඔයාගේ ජිවිතෙත් ගොඩාක් අත්දැකිම් පිරිලා වගේනේ මොකද හිතන්නේ හැන්ගිලා නොහිද බ්ලොග් එකක ඒවා බෙදා ගත්තොත්

    ReplyDelete
  37. විශ්ව : ඇත්තටම අය්යේ... එහෙම නම් තමා... මොකක්ද ඉතින් ඔය කේස් එක...

    ReplyDelete
  38. මහේෂ් : අනේ අය්යේ ඉතින් පරක්කු උනාට නම් කමක් නැ අය්යේ.. මෙහේ එන එකයි මගේ සතුට

    ReplyDelete
  39. ඇත්තම ඇත්ත! ඇත්තම කතාව! අපේ පැත්තේ ඉස්කෝලෙට උඩහ කන්දේ තිබ්බ විශාල කැලේ කපන්න කාළකණ්නි ටිකකට අවසර දීලා උං ඒක - ඒ අවුරුදු ගානක් ඒ කැලේ ලස්සන කරපු නාය යාම අරක්ෂා කරපු කැලේ කපලා දාන්න දවස් 5කට වැඩිය ගත්තේ නෑ. මට ඒ දවස්වල ඒ පාරෙන් යන එක අප්පිරියා වෙලා තිබ්බා! ඉතිං ඒ කැලේ කැපුවට පස්සේ දඩුවම් වින්දේ ඒ පැත්තේ පදිංචි කාරයෝ ටික! පාරවල් බැහැලා නාය යන්න පටන් ගත්තම! කොහොම හරි දැන් ආයෙත් ටිකක් කැලේ වැවිලා. ස්භාව ධර්මය අපිට ආදරෙයි! ඒ වගේම අපිට නපුරු වෙන්නත් ස්භාව ධර්මයට මහ වෙලාවක් යන්නේ නෑ! අපි වවාගෙන කන ගස් අපිට නිකන් දෙන නිසා අපිට කිසි වටිනාකමක් නෑ වෙලාවකට! ඒත් ඇත්තටම අපි ඒ පරිසරයට ආදරේ වෙන්න ඕනි!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....